spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක්

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත් උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයේ වැය ශීර්ශ විවාදයට එක්වෙමින්.

“අපි රටක් විදිහට තිබුනේ පුලුවන් එකා පුලු පුලුවන් හැටියට ජීවත් වෙන බැරි එකා බැරි බැරි ගාතේ හුස්ම ඉහල පහල දාන රටක් බවට අපි පත්වුනා. මේක හැමදාම තියෙන්න ඕනෙද? බැරි බැරි ගානේ හුස්මගන්න මනුස්සයාට බොරු කියලා දේශපාලනය කරන එකද නැත්තම් හරියට වැඩ කරන කෙනාට හූමිට තියෙන එකද කළ යුත්තේ. අපි කරන්න ඕනේ රටේ ඇත්ත තත්ත්වය පහදල දීලා තමන්ගේ වැඩ කරන එක පටන් ගෙන මේ වෙනස කරන එක පටන් ගැනීමයි කළයුත්තේ. මේ අයවැයෙනුත් අපි කළේ ඒ වෙනස කරන්න පටන් අරගෙන ඒ වෙනස ආරම්භ කරලා ඒ ගමනේ දෙවැන අයවැය තමයි අද සාකච්ඡාවට බදුන් කරන්නේ.

විපක්ෂනායකතුමා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිව්වා. එතුමා කිව්වා මුස්ලිම් ජාතිකයින්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන්. අපි එදත් ඒ සම්බන්ධයෙන් විරුද්ධව සිටියා. අලි සබ්‍රි ඇමතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ඊට විරුද්ධව සිටියා.

අපි එදා විපක්ෂයේ ඉඳගෙන ඒ මතයට විරුද්ධව හිටියා. අද අණ්ඩු පක්ෂයේ හිටියත් අපි අපේ හෘද සාක්ෂියට එකඟව මුස්ලිම් ජනතාවට කරපු හානිය අපි හෙළාදකිනවා. ඉදිරියටත් එය එසේම වෙනවා. ඒ වගේ දේවල් යලිත් ඇති වීම වැලැක්වීමට අදාල නීති හැදීමටයි අපි කටයුතු කරන්නේ.

ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන බොරු බිල්ලො මවනකොට මේ වගේ ජාතීන් අතර අර්බුද නිර්මාණය කිරීම, බොරුවට මිනිසුන්නට චෝදනා කිරීම, කුණු හරප කීම, අබූත චෝදනා කිරීමට අයිතියක් වගවීමක් තියෙන්න ඕනේ නැද්ද?
මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ක්‍රියාත්මක වෙන්නේ මම කිව්ව දේවල වලට විතරයි. ඉතින් ඇයි ඒකට බය? බොරු කියනවාට, මිනිස්සුන්ට අපහාස කරනවා, ආගම් අතර ප්‍රශ්න ඇති කරනවාට, සම්බන්ධයෙන් වගකීම ගන්න කියන එක විතරයි මේකේ තියෙන්නේ.

රටක් වෙනස් වෙනවා නම් මිනිස්සු වගකිම් ගන්න නීතියට ගරු කරන පිරිසක් බවට පත්විය යුතුයි. ඒ නිසාමයි මේ වගේ නීතියක් ගෙන එන්න කටයුතු කරන්නේ. අපි මේ රට භාරගත්තේ රටේ ඩොලර් සංචිත පහල්ලෙහාටම වැටිල තිබුණ අවස්ථාවකයි. දේශපාලන පක්ෂ වල නායකයෝ රටට සල්ලි එවන්න එපා කියලා ව්‍යංගයෙක් කියලා ඒ වගේම සල්ලි එව්වේ නැත්තම් මේ රට වට්ටන්න පුළුවන් කියන කාරණය පැහැදිලිව කියලා සල්ලි රටට එවන එක නවත්වලා උන්ඩියල් හරහා සල්ලි ගෙන්වන්න ලෑස්ති කරලා රට වට්ටපු වෙලාවක අපි කිව්වා ඩොලර් එවන්න කියලා.

එහිදී අපි කිව්වා ඩොලර් මිලියන 500ක පංගු කාරයෙක් වෙන්න කියලා විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලපු වෙලාවේ අපේ විදේශගත ශ්‍රමකියන් ඉතාම ධනාත්මක විදිහට ප්‍රතිචාර දැක්වූවා.

අපිට මුලින්ම සල්ලි බැංකු හරහා එවන්න කියලා කියන්න දැන්වීමක් හදන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ අපේ හිතවතුන්ගේ පුද්ගලිකව සල්ලි ටිකක් එකතු කරගෙනයි පළමුවෙන් දැන්වීම් ටික හදලා ඒ වඩා පළකරලා රටට බෙහෙත් ටික ගන්න, තෙල් ගහන්න, දරුවට කිරිපිටි එක ගන්න පුළුවන් වෙන්න සල්ලි එවන්න කියලා ඉල්ලුවා.

ඒ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමකියෝ අර දේශපාලන මතවාද වලට අහුවෙන්නේ නැතිව රට ඇතුලතට සල්ලි එව්වා. එහිදී රට ඇතුලට සල්ලි එවීමේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගෞරවයක් ලබාදීම සිදුකරන්න වුනා. ඒකට විශාල වැඩපිළිවෙලක් දියත් කරන්නත් වුනා.

මේ ව්‍යපෘති සඳහා අපිට සහය ලබා දුන්න අමාත්‍යංශයේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යංශය, රට මේ තැනට ගෙන එන්න විශාල සහයක් ලබා දුන්නා. එහිදී තානාපති සේවයේ ඉන්න අපේ නිලධාරීන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළා. බැංකුත් ඒ සඳහා අපිට උදව් කළා.

විදේශ රටවලුත් අපිට සහයක් දුන්නා. එහිදී අපේ ශ්‍රමිකයින් ඔවුන් ගත්තා. අපේ ශ්‍රමිකයින්ට ඉඩකඩ හදලා දුන්නා. ඒ ඔස්සේ අපිට හිමි අවස්ථා පුළුල් කරලා දෙන්නත් කටයුතු කලා. ඒ නිසාම මැදපෙරදිග ඇතුළු සියලුම රටවලට අපේ ස්තූතිය පුද්කරන්න කැමතියි. ජාත්‍යන්තර කම්කරු සංවිධාන්‍ය ඒ වගේම අයි ඕ එම් ආයතනය ඇතුළු ආයතනය වලටත් අපි අපේ ස්තූතිය පළකරනවා.

විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගන්න අපි ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍රක්‍රමයක් හදුන්වාදුන්නා. එතනදි අපි දළ වශයෙන් විද්‍යුත් වාහන නවසීයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රට තුලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා ඒත් ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත් මහා භාණ්ඩාගාරය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙ කාලයෙත් මහා භාණ්ඩාගාරය ඇතුලේ හිටියෙ එකම නිලධාරීන් පිරිසක්.

උපන්දා සිට මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය කපිල සේනානායක කියන කෙනා. ඇත්තටම ඔය ආර්ථිකය වැටුනා කියන කාලයෙත් හිටියේ මේ අයමයි. ඒ අය තවමත් රටට අත්‍යාවශ්‍ය වෙලාවේ රටට ඩොලර් මිලියන ගණනක් ගෙන්ලා තියෙන මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය විශේෂයෙන් මේ වාහනය ගෙන ඒමට අදාල ණයවර ලිපිය විවෘත කරන එකේ දිනය දීර්ඝ කිරීමට කල් අරගන්නවා.

අපි දන්නේ නැහැ මේ අයගේ දේශපාලන මත මොනවාද කියලා. අර රටට සල්ලි එවන්න එපා කියපු අය වගේම රට වට්ටන්න උවමනාවක් තියෙන අයද කියලත් ජනාධිපතිතුමාත් අපි සියලුදෙනාමත් අපි අවධානය යොමු කළයුතුයි. මේ වගේ නිලධාරින් එක්ක රට අමාරු තත්ත්වයකට වැටිල ඉන්න අවස්ථාවක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලත් අවධානය යොමු කළයුතුයි.

ගුවන්තොටු පොලේ දී අපි විදේශගත ශ්‍රමිකයින් එවල ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් එහිදී තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා කැබිනට් එක් ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට මේ බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා.

කැබිනට් එක, ජනාධිපතිතුමා මේ සියල්ල තීරණය කරලා තියෙද්දිත් නිලධාරීන් තවමත් මේ සඳහා සහය ලබා දී නැහැ.

ලංකාවෙන් යන සෑම ශ්‍රමිකයෙකුගෙන්ම නීත්‍යානුකූලව මුදල් එවන බවට සෑම ශ්‍රමිකයෙකුගෙන්ම දිව්රුම් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ විදහට තමයි අපි රටතුලට විදේශ මුදල් ගෙන්වා ගන්න කටයුතු කළේ.

මීට අමතරව විදේශ රැකියා නියෝජිත ආයතන වලට ලැබෙන කොමිස් මුදල් පවා බැංකු හරහා ගෙන්වා ගතයුතුයි කියලා කිව්වා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවා සිදුකළා. මනුසිව බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ඔස්සේ විදේශ ගත ශ්‍රමිකයින්ට සියයට 8ක පොලියට මිලියන දෙකක මුදලක් ලබා ගන්න පුළුවන්.

නිවාස සංවර්ධන අධිකාරිය සමඟ එකතුවෙලා නිවසා ව්‍යාපෘතියක් ආරම්භ කළා. එහි මුල් අදියර මේවන විටත් ක්‍රියාත්මකයි.

ගුවන්තොටුපොලේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගරුත්වය ලබාදෙන්න හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් විවෘත කළා. එතනදි එහිදී අපේ විදේශගත ශ්‍රමිකයින් හට වැඩියෙන් සලකන්න සහවෙන්න වෙනම කණ්ඩායමක් යොදවලා විදේශගත වෙන්න අවශ්‍ය වැඩපිලිවෙලත් අපි සකස් කළා.

සමහර වෙලාවට ආගමන විගමන එකෙන් මේ සඳහා පොඩි පොඩි කුඩම්මාගේ සැලකිලි ලැබෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. මීට අමතරව පළමුවරට විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ පවුල් වලට වවුචර්පත් නිකුත් කරලා තියෙනවා.

ඒ වැඩපිළිවෙල යටතේ රට යනකොට අපි සතොසෙන් වවුචරයක් දෙනවා. ඒ සඳහා ලක්ෂ තුන්දහස් අටසිහ හැත්තෑ හයක් අපි වෙන් කරලා තියෙනවා. විශ්‍රම වැටුපත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒක විශාල කාලයක පටන් කථා කරපු දෙයක් දැන් ඒක ක්‍රියාත්මකයි. දැන් ඕනෑම කෙනෙකුට මෙම දායකත්ව විශ්‍රාම වැටුපට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.

රටගිය අම්මලාගේ තාත්තලාගේ දරුවන් බලාගන්න දිවා සුරැකුම් මධ්‍යස්ථාන රටපුරාම ආරම්භ කරණ වැඩසටහන යටතේ පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක කුරුණෑගලත් කරන්දෙනියෙත් ආරම්භ කළා. විග්‍රමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් කාලයක පටන්ම ශිෂ්‍යත්ව ලබා දීම සිදුරනවා, ඒ අනුව එහිදී ලබාදෙන මුදල වැඩි කරන්න පියවර අරගෙන තිබෙනවා.

අවස්ථා හයකට වැඩි සංඛ්‍යාවකදී ලියාපදිංචි වෙලා විදේශගත වුනු ශ්‍රමිකියන් විසින් රටට කරපු සේවය වෙනුවෙන් ඔවුන්ව ඇගයීමට වවුචර්පත් ලබාදීමට කටයුතු කළා ඒ සඳහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් යොදවලා තිබෙනවා.

ග්ලෝකල් ෆෙයා ඔස්සේ ගාල්ලට යාපනයට ගියා. මොනරාගලට කුරුණෑගලට යන්න බලාපොරොත්තුවෙනවා. දැනටමමත් දැවන්තට රැකියා වෙළෙඳපොලක් ආරම්භ කරල අවසන්. එහිදී කම්කරු අමාත්‍යාංශයේ සියලුම දෙවල් වගේම අගාමන විමගමණ, පාස්පොට් කන්තොරුව, මහ බැංකුව, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් ඇතුළු සියලුම දේවල් එකතු කරගෙන යාපනයට ගියා. එමගින් සංහිඳියාව වර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වුනා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ එකතුවෙලා විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. එමගින් යම් සහනයක් ලබාදෙන්නත් කටයුතු කරලා තියෙනවා.

2022 වර්ෂයේදී කොරියාවට රැකියා සඳහා යොමු කිරීම් නතරවෙලයි තිබුනේ ඒත් ගිය අවුරුද්දේ මැයි මාසය ඉඳන් කොරියා රැකියා සඳහා 6636ක් යොමු කිරීම හැකියාව ලැබුනා. මේ වර්ෂයේ මුල් මාස 10දි විතරක් කොරියානු රැකියා සඳහා 5414ක් යොමුකරන්න හැකිවෙලා තියෙනවා. කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව රැකියා සඳහා ශ්‍රී ලංකිකයින් යොමුකරලා තියෙනවා.

මීට අමතරව කෘෂි ක්ෂේත්‍රය අපේ ශ්‍රමිකයින් යොමු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙනුත් අධ්‍යනය කරමින් ඉන්නවා. ඊශ්‍රායලයේ සාක්තු සේවකයින් ලෙස 500ක නියමු ව්‍යාපෘතිය මේවන විට අවසන් කරලා තියෙනවා. ඒ අයටතේ ශ්‍රමිකයින් 536ක් යොමුකරලා තියෙනවා. තවත් පිරිසක් ඒ සඳහා යොමුකරන්න බලාපොරොත්තුවෙනවා.

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රය සඳහා රැකියා දසදහසක අවස්ථාවක් අපිට ලැබී තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවත් විසිදහසක් අපිට ලැබිලා තියෙනවා.
ජපානයේ රැකියා අවස්ථාවන් විවර වෙලා තියෙනවා. එහිදී ජපන් භාෂාව සහ වෘත්තිය පුහුණුව සඳහා වැයකරන මුදල ප්‍රතිපූර්ණය කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. ජපානයේ තානාපති කාර්යලායේ කම්කරු අංශයක් ස්ථාපිත කිරීමටත් පියවර අරගෙන තිබෙනවා.

මීට අමතරව ජපානයේ එස්.එස්.ඩබ්ලිව් කියන නව වීසා ක්‍රමය ඔස්සේ ශ්‍රමිකයින් යැවීමටත් පියවර අරගෙන තිබෙනවා. ඒ යටටෙත් දැන තිබුණු සාත්තු සේවක, ආහාර සැකසුම් හා නිෂ්පාදන යන අංශ වලට අතිරේකව ඉදිකිරීම් කියන අංශයටත් නව අවස්ථා විවර කරදීමට අදාල විභාග කටයුතු ආරම්භ කරන්න ගිය සතියේදී හැකියාව ලැබුනා. ලබන වසරේ මාර්තු මාසයේ සිට සිවිල් ගුවන් සේවා සඳහාත් අපේ ශ්‍රමිකයින් යැවීමේ කටයුතුත් අපි ආරම්භ කරනවා.

විදේශ රැකියා නියෝජිතයින් ගැන චෝදනා රැසක් තිබුනා. ඒ නිසාම ඔවුන්ගේ වෘත්තිය භාවය වර්ධනය කිරීමට ලක්ෂ හතහාමාරට තිබුණ බැදුම්කරය ලක්ෂ 30 දක්වා වැඩි කළා. එය මේ වසරේදී ලක්ෂ 50 දක්වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා.එමගින් මේ පිරිස අතින් වැරැද්දක් වුනොත් ඒවා යලිත් අයකරගන්න අපිට පහසුකම් ලැබෙනවා. එමන්ම කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එකතු වෙලා ශ්‍රම සංක්‍රමනය පිළිබඳව ඩිප්ලෝමාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව බලපත්‍රලාභියෙක් බවට පත්වෙන්න නම් මේ ඩිප්ලෝමාව තිබීම අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. එහිදී අවම අධ්‍යාන සුදුසුකම් පවා හදුන්වාදීමට කටයුතු කරලා තියෙනවා. ඊට අදාලව නයිල්ස් ආයතනය සමඟ එක්ව පාඨමාලාවන් පවා හදුන්වා දී තිබෙනවා.

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට හසුවෙන්න එපා කියලා අපි දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. කොච්චර අහුවෙන්න එපා කිව්වාත අහුවෙනවා. මොකද පැනියටත් අහුවුනා, නායටත් අහුවුනා අවසානයේ තවමත් විවිධාකාරයේ ජාවාරම්කාරයින්ට හසුවෙනවා.

දැනුත් කයියනාකයලට අහුවෙන්නයි යන්නේ. අපි කොච්චර අහුවෙන්න එපා කිව්වත් මිනිස්සු අහුවෙනවා. හැබැයි ඒත් අපි වැටලීම් කරලා නඩු 151ක් ගොනු කරලා තියෙනවා. මුල් කාර්තුවේදී වැටලීම් අඩුවෙලා තියෙනවා. ඒ වගේ අදවන විට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා.

මේ අතර මිනිස් ජාවාරම වැලැක්වීමට පියවර අරගෙන තියෙනවා. ගුවන්තොට පෙලේ විශේෂ ඒකකයක් පිහිටුවලා තියෙනවා. එහිදී විදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය මූලිකත්වය අරගනෙ ඇන්ටි ට්‍රැෆිකින් ටාස්ක් ෆෝස් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එමගින් මිනිස්ජාවාරම් අඩු කරගන්න අවස්ථාව ලැබී තියෙනවා. ටිප් රිපෝට් එකේදිත් අපිට තිබුණ තැන ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා.

ඇන ගිල්වනවා, පහර දෙනවා, මරණයට පත්වෙනවා වගේ චෝදනා එල්ලවෙනවා. ඒත් අපිට ලැබිලා තියෙන්නේ පැමිණි 5454 යි. ඒක රැකියා සඳහා ලියාපදිංචි වුන සංඛ්‍යාවෙන් සියයට දෙකයි දශම එකයි. මේවා එන්නේ විදේශගත ඉන්න සියලුම ශ්‍රමිකයන්ගෙන්. විසින් වීසා වලින් ඕමාන් ගියපු එක සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියක් ඇතිව ලංකාවට 193ක් ගෙන එන්න කටයුතු කළා. එතැනින් 59ක් ගෙන්ව ගන්න ලක්ෂ 23ක් වැයකරන්නත් වුනා.අපි අහුවෙන්න එපා කියලා දැන්වීම් පවා කැබිනට් අනුමැති යටතේ පළ කළා.

ඉතිහාසයේ වැඩිම පිරිසක් රට රැකියා වලට ගියගේ ගිය අවුරුද්දෙයි. එ් වගේම මේ අවුරුද්දෙත් ලක්ෂ තුනේ සීමාවට යයි කියලා අපි හිතනවා ඊයේ වෙනකොට දෙලක්ෂ හැත්තෑ අටදහසක් විදේශගත වෙලා තියෙනවා. ඉන්න් සියයට 56ක් පිරිම අය ඒත් ගෘහස්ථ අංශයට ගිහින් තියෙන්නේ සියයට 27යි ඒක ඉතාම සාධනීය තත්ත්වයක්. ගෘහ සේවයට යෑම අපි පුලුවන් තරම් අධෛර්යමත් කරනවා. අපි අප්‍රේල් මාසයේ සිට යවන්නේ පුහුණු සහිත ගෘහ පාලිකාවන් විදිහටයි. රක්ෂණ වාරික ගෙවන්න ලක්ෂ තුන්දාස් පන්සිය අනුදෙකක් වැයකරලා තියෙනවා. දුෂ්කරතා වලට ලක්වුන ශ්‍රමිකයන්ට ලක්ෂ එක්දහස් අසූහතක් වැයකරලා තියෙනවා.

සාත්තුසේවක පුුහුණු කිරීම් දැන් රොහල්වලටත් ලබාදී තියෙනවා. පුද්ගලික අංශයටත් ඉඩ දී තියෙනවා. පවුල් පසුබිම් වාර්තාව වෙනුවට පවුල් රැකවරණය හදලා නිලධාරියෙක් යොමුකරලා දරුවාගේ තත්ත්වය ගැනත් සෙයාබලන්න සැලස්මක් ක්‍රියත්මක කරනවා.

ගම්වල විගමනික ශ්‍රමික කමිටු හැදුවා. කමිටු 2850ක් හදලා තියෙනවා. ඒ වගේම ජනවාරි වෙනකොට විගමනික ශ්‍රමකියින්ගේ පවුල්වලට ගිහින් පූර්ණ සමීක්ෂණයක් කරන්නත් බලාපොරෙත්තුවෙනවා. රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සුදුසුකම් ලබාගත හැකි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. නව රැකී රක්ෂා පනත හදුන්වා දෙන්නත් කටයුතු කරනවා. ට්‍රිලියන තුනක් වුන ඊ.පී.එෆ්. වත්කම තවදුරටත් වර්ධනය කරගන්න වගේම අය කර නොගත්ත බිලයන 9ක මුදල අයකරගන්නත් කටයුතු කරනවා.

අර්ථ සාධක අරමුදලට දායකත්වය දක්වන්නේ ආයතන හැත්තෑ අටදාහක් විතර සංඛ්‍යාවක්. අර්ථ සාධක අරමුදලට දායකත්වය දක්වන සේවකයින් ඉන්නේ මිලියන 2.6ක් වගේ සංඛ්‍යාවක් ඒත් ශ්‍රම බලකාය මිලියන 8.5ක්. මේක වර්ධනය කරගන්නත් කටයුතු කරනවා. ශ්‍රම බලකායෙන් තුනෙන් දෙකක් සමාජ ආරක්ෂක ක්‍රමයකට සම්බන්ධ වෙලා නැහැ.
මේ සමාජ ආරක්ෂණය රටේ ව්‍යවස්ථාවෙන්ම හදුන්වා දියයුතුයි.

මුල් මාස‍ 9දී අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 156.58ක මුදලක් එකතු කරගන්නත් හැකියාව ලැබුනා. ප්‍රතිලාභීන් එක්ලක්ෂ දෙලොස් දහස් පන්සිය හැට දෙකකට බිලියන 144.42ක් ලබාදීමටත් හැකියාව ලැබිලා තියෙනවා.

වෙනදා කම්කරු අමාත්‍යංශ්‍ය ඉස්සරහා හිටිය පෝලිම දැන් නැතිවෙලා තියෙනවා. දැන් මර්ගතව කටයුතු කරන්න පහසුකම් සලසා දී තියෙනවා. අර්ථ සාධක අරමුදලින් සියයට 30ක් ලබාගන්න දැනට පුළුවන්කම තියෙනවා. ඒක ගන්න ලේසි නැහැ ඒත් අපි බලාපොරොත්තු වෙනවා පනත වෙනස් කරලා තමන්ට කැමති අවශ්‍යතාව වෙනුවෙන් ලබාගන්න හැකිවෙන විදිහිට නීති ලිහිල් කරන්න.

ළමා ශ්‍රමයෙන් තොර කළාප බවට මහනුවර, නුවර එළිය, පුත්තලම, මඩකලපුව, මාතර දිස්ත්‍රික්ක පත්කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 2025 වෙනකොට අනික් දිස්ත්‍රක්කත් ළමා ශ්‍රමයෙන් තොර කළාප බවට පත්කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා.

කම්කරු පැමිණිලි දොපාර්තමේන්තුවට එන්නේ නැතිව ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. වතු සේවකයින්ගේ අවම වැටුප වෙනුවෙන් නව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. නියෝෂ් ආයතනය මගින් ගෙනසේවා ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත සංස්කෘතියක් ඇතිකරනවා. ඒකට අදාල පරිච්චේදයක් නව රැකීරක්ෂා පනත යටතේ හදුන්වා දී තියෙනවා. සෑම අයාතනයකටම වෘත්තීය සුරක්ෂිතතා නිලධාරියෙක් අනිවාර්ය කරන්නත් කටයුතු කරනවා.

මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හරහා ගරු සරු හරහා ශ්‍රමයට ගරුත්වයක් සහ සමාජ ආරක්ෂණයක් සෑම අයෙකුටම ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අනුව සාකච්ඡා රැසක් සමඟ පත්වලා තියෙනවා. සෑම බදාදාවකම අපි සාකච්ඡා තියෙනවා. ඒ අනුව වෘත්තීය මණඩල හදලා හැම වෘත්තියකටම බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන්නත් කටයුතු කරනවා.

පාසලේ සිටම වෘත්තීය මාර්ගෝපදේශය දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ශ්‍රම වාසනා වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. කුඩා කර්මාන්ත වල ඵලදායීතාවය වර්ධනය කරන්න හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ව්‍යවසාකයෙක් ගොඩන්නත් කටයුතු කරලා තියෙනවා.

ආයතන රැසක් ලාබ ලබන ආයතන කරලා තියෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාශයේ මෙහෙයුම් ලාබෙන් බිලියන 7ක් මහා භාණ්ඩාගාරයට දීලා තියෙනවා. ශ්‍රම අධ්‍යනය ආයතනය බරක් නොවන ආයතනයක් කරන්නත් කටයුතු කළා. ගිය අවුරුද්දේ දුන්න මිලියන 10ත් නැවත භාණ්ඩාගාරයට දෙන්න කටයුතු කලා.මේ අවුරද්දෙදි ලබන ලාභය මහා භාණ්ඩාගාරයට දෙන්නත් බලාපොරාත්තුවෙනවා.

නියෝෂ් ආයතනයක් මේ වසරේ ලාභ ලැබුවා. විදේශ රැකියා ඒජනිසිය ස්ථාවර තැන්පත් වර්ධනය කරගෙන තිබුනා. 2022දී වහන්න තිබුණ ආයතනයක් මේක. මම කිව්වා මේක දෙසැම්බර් වෙනකොට පාඩු නොලබන තත්ත්වයට ගෙනාවේ නැත්තම් වහල දානවා කියලා. ඒත් අපිට ඒ තත්ත්වය වෙනස් කරන්න හැකියා ලැබිලා තියෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ එකතුවෙලා වෘත්තීය ද්වීපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා උපදේශන පාඨමාලා හැදුවා. විදේශ වෙළෙදපෙලේ විදේශ රැකියා සඳහා ඇති ඉල්ලුම ගැනත් අපි අධ්‍යනයක් කළා. ඉදිරි වසර 10 ගැනත් අපි මෙරට ශ්‍රම වෙළෙඳ පොල ගැනත් අධ්‍යනය කළා.

ලබන වසරේ නව රැකීරක්ෂා පනත හදුන්වා දෙනවා. අනාගත ලෝකය ගැලපෙන නීතී හදන්නයි මේවා ඇති කරන්නේ. පනත් 13ක එකතුවක් තියෙන්නේ. අපි සැසිවාර රැසක් තියලයි මේවා කලේ. මේ පනත මගින් ජාත්‍යත්ර කම්කරු සංවිධානයේ ප්‍රඥප්ති බලාත්මක කරන්නත් හැකියාව ලැබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතත් සංශෝධනය කරලා අවසන් අධියරේ තියෙන්නේ. ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය යාවත්කාලීන කළා. ශ්‍රම වෙළෙඳපොල සංවර්ධන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. දෙසැම්බර් අවසන් වෙනකොට ඒක ජනාධිපතිතුමට ලබාදෙන්නත් අපි බලාපොරොත්තුවෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටලර්කරනය හදුනවා දෙනවා. නව තොරතුරු පද්ධතියක් හදුන්වා දීලා සියලුම ආයතන සම්බන්ධකරපු ජාතික තොරතුරු පද්ධතිය මේ වසරේදී පටන් ගන්න පුළුවන්. ඒකට අදාල ටෙන්ඩර් කටයුතු තමයි මේ දවස්වල ක්‍රියත්මක වෙන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරනය කරනවා. එමගින් මිනිස් ජවාරම් වැලැක්වීමට, උණ්ඩියල් නවත්වන්න, ශ්‍රමිකයින් ඉන්න තැන් බලාගන්න හැකිවෙන විදිහට ඒක සකස්වෙනවා. රටේම ශ්‍රමිකයිනගේ සමාජ ආරක්ෂාව සහ සුබාසාධනය ඇතිකරන්න කටයුතු කරනවා. එහිදී වන්දි ගෙවීම් වගේ දෙවල් ඇතුලත් වෙනවා. උතුරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ඇති කරන්න යනවා. නැගෙනහිරටත් ඇතිකරන්න කටයයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?