විදෙස් සමාගමකට නිකරුණේ කළ විශාල ගෙවීමක් ගැන කෝප් කමිටුවේ දී අනාවරණයක්

අපේක්ෂිත 30% ක භෞතික ප්‍රගතියට සාපේක්ෂව 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම (AASL) විසින් A පැකේජය වන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා තායිසේ සමාගම වෙත රුපියල් බිලියන 37ක මුදලක් ගෙවා තිබෙන බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වූයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය මූල්‍යනය කිරීම පිළිබඳ අන්තර්කාලින ප්‍රතිපත්තිය යන මැයෙන් මුදල් අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 දිනැතිව නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් ව්‍යෘපෘතිය සඳහා ණය මුදලේ ණය වාරික මුදාහැරිම JICA ආයතනය විසින් අත්හිටුවා තිබු අතර; මෙහි ප්‍රතිපලයක් ලෙස කොන්ත්‍රාත්කරු, 2022 දෙසැම්බර් 09 දින ඉදිකිරීම් කටයුතු නවත්වා තිබූ බවත්, ඒ හේතුවෙන් ඇති වූ අලාභය ද ඇතුළුව රුපියල් බිලියන 37ක ගෙවීමක් සිදු කිරීමට සිදුවූ බවත් පැමිණ සිටි නිලධාරීන් පැවසුවා.

අවුරුදු 03ක කාල සීමාවක් සඳහා වූ ව්‍යාපෘතියක, කොන්ත්‍රාත් කාල සීමාවෙන් වසර දෙකක් අවසන්ව තිබිය දී පවා 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට මෙතරම් මුදලක් තායිසේ සමාගමට ගෙවීම කෙතරම් සධාරණ ද යන්න පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කරනු ලැබුවා.

තවද, ඉදිකිරීම් කටයුතු නැවැත්වීමෙන් පසු ඉදිකිරීම්වලට සිදුවන හානිය අවම කිරීම සඳහා කොන්ත්‍රාත්තු තායිසේ සමාගම නොවන වෙනත් සමාගමකට ලබාදීමත්, එම කොන්ත්‍රාත්තු සඳහා රුපියල් මිලියන 1,328.7ක අමතර පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳවත් කෝප් කාරක සභාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට බඳුන් වුණා.

උක්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමෙන් පසු කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියට අදාළව මිලදී ගත් ද්‍රව්‍ය හා උපකරණ AASL විසින් භාරගත යුතු අතර, ඒ තුළ වූ රුපියල් මිලියන 1,550 ක් වටිනා ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතිය නතර කළ කොන්ත්‍රාත්කරුගේ දේශිය උප කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඔවුන් යටතේ පෞද්ගලික ගබඩාවල රඳවා තිබුණා.

ඊට අදාළව AASL හි සභාපතිවරයා විසින් කමිටු නවයක් පත් කර තිබූ අතර, එකී කමිටු ඇගයීම් සහ නිර්දේශය අනුව, ඔවුන් සතු incinerator යන්ත්‍රය වෙනත් ගබඩා ස්ථානයකට ගෙන යාම මගින් මාසිකව රුපියල් 392,904ක් ඉතිරි කර ගත හැකි බව දන්වා තිබුණා.

එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මත 2023 මාර්තු සිට 2024 දෙසැම්බර් දක්වා. සමාගමට රුපියල් මිලියන 3.9 ක අමතර ගබඩා පිරිවැයක් දැරීමට සිදු වී තිබීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම මිනුවන්ගොඩ ද්විත්ව මංතීරු ඉදිකිරිම සම්බන්ධයෙන් ද කෝප් කාරක සභාව ප්‍රශ්න කරනු ලැබුවා.

මෙම මංතීරු ඉදිකිරීම හේතුවෙන් බහු මහල් රථගාල ඉදි කිරීමට අදාළ කටයුතු අඩපණ වී ඇති බවත්, ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සතු ව්‍යාපෘති තුළ බොහෝ සැලසුම් සහ නිර්මාණකරණයට අදාළ වූ ගැටලු පවත්නා බව කමිටුව මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25