විදෙස් සංචාරකයන් ගිය ත්‍රී රෝද රථ දෙකකට වන අලි ප්‍රහාරයක්

පොළොන්නරුව ප්‍රදේශයේ ත්‍රී රෝද රථවලින් සංචාරයේ නිරත වෙමින් සිටි විදේශිකයන් පිරිසක් ගමන් කළ ත්‍රී රෝද රථවලට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ත්‍රිරෝද රථවලින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසල සිටි වන අලියෙක් නැරඹීමට ඔවුන් නතර වූ අවස්ථාවේදී යි වන අලියා ත්‍රිරෝද රථවලට පහරදී ඇත්තේ.

කෙසේවෙතත් විදේශිකයන් පිරිස දිවගොස් වන අලි ප්‍රහාරයෙන් බේරීමට සමත්ව තිබෙනවා.

එම විදේශිකයන් කණ්ඩායමේ සිටි එක් අයෙකු ඔහුගේ යූටියුබ් නාලිකාවකට එක් කර ඇති වීඩියෝවකයි මෙම සිද්ධිය දැක්වෙන්නේ.

මෙම සංචාරකයින් ත්‍රී රෝද රථවලින් පොළොන්නරුව වනෝද්‍යානයක් නැරඹීමට යමින් සිටියදී මාර්ගය අයිනේ සිටි අලියා දැක තිබුණා.

විදේශීය සංචාරකයින් අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ සංචාරකයින් වන අලියා කෝපයට පත් වීමට පෙර ඒ ආසන්නයේම ත්‍රී රෝද රථ නතර කර ඇති බවයි.

එම අවස්ථාවේ වන අලියා ඔවුන් දෙසට පැමිණ ඔවුන්ගේ ත්‍රී රෝද රථ දෙක පෙරළා යතුරුපැදියකට ද පහරදී ඇති බව සඳහන්.

සිද්ධිය වන අවස්ථාවේ එක් ත්‍රී රෝද රථයක් තුළ සිටි විදේශීය සංචාරකයන් දෙදෙනකු සුළු තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
7
+1
3
+1
5
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40