spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් සංචාරකයන් ගිය ත්‍රී රෝද රථ දෙකකට වන අලි ප්‍රහාරයක්

පොළොන්නරුව ප්‍රදේශයේ ත්‍රී රෝද රථවලින් සංචාරයේ නිරත වෙමින් සිටි විදේශිකයන් පිරිසක් ගමන් කළ ත්‍රී රෝද රථවලට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ත්‍රිරෝද රථවලින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසල සිටි වන අලියෙක් නැරඹීමට ඔවුන් නතර වූ අවස්ථාවේදී යි වන අලියා ත්‍රිරෝද රථවලට පහරදී ඇත්තේ.

කෙසේවෙතත් විදේශිකයන් පිරිස දිවගොස් වන අලි ප්‍රහාරයෙන් බේරීමට සමත්ව තිබෙනවා.

එම විදේශිකයන් කණ්ඩායමේ සිටි එක් අයෙකු ඔහුගේ යූටියුබ් නාලිකාවකට එක් කර ඇති වීඩියෝවකයි මෙම සිද්ධිය දැක්වෙන්නේ.

මෙම සංචාරකයින් ත්‍රී රෝද රථවලින් පොළොන්නරුව වනෝද්‍යානයක් නැරඹීමට යමින් සිටියදී මාර්ගය අයිනේ සිටි අලියා දැක තිබුණා.

විදේශීය සංචාරකයින් අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ සංචාරකයින් වන අලියා කෝපයට පත් වීමට පෙර ඒ ආසන්නයේම ත්‍රී රෝද රථ නතර කර ඇති බවයි.

එම අවස්ථාවේ වන අලියා ඔවුන් දෙසට පැමිණ ඔවුන්ගේ ත්‍රී රෝද රථ දෙක පෙරළා යතුරුපැදියකට ද පහරදී ඇති බව සඳහන්.

සිද්ධිය වන අවස්ථාවේ එක් ත්‍රී රෝද රථයක් තුළ සිටි විදේශීය සංචාරකයන් දෙදෙනකු සුළු තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
7
+1
3
+1
5
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?