විදෙස් විනිමය රටට ගේන සැලසුමක් ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා, තෙල් සැපයුම් පර්‍යන්තයේ ධාරිතාව හා පහසුකම් තවත් වැඩි දියුණු කර විශාල විදෙස් විනිමයක් අඛණ්ඩ ව රටට ගෙන එන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) එම ගුවන් තොටුපොළ පර්‍යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එලෙස ගුවන්යානා තෙල් බෙදාහැරීම හරහා රටට ලැබෙන විශාල විනිමය ප්‍රමාණය අහිමි කරමින් ඒ සඳහා තවත් විදේශ සමාගම් දෙකකට ද අවසර ලබාදීමට පෙර පැවති රජය සැලසුම් කළ ද; ඵෙතිහාසික ජනතා ජයග්‍රහණය විසින් එම සැලසුම් පරාජය කළ බව ද අමාත්‍යවරයා කියා සිටියා.

රටේ සම්පත් ආදායම් ලබන මාර්ග අන්සතු කරමින් පුද්ගලික ලාභ ලබන්නට තැත් කළ එම වැඩපිළිවෙළ පරාජය කරමින් බලයට පත් වූ ජාතික ජන බලවේගයේ රජය රටට ආදායම් උත්පාදනය කරන මෙම ව්‍යාපෘතිය වඩාත් සංවිධිතව අවශ්‍ය යටිතල පහසුකම් හා ක්‍රමවේද වැඩිදියුණු කර දිගින් දිගටම රටට විදේශ විනිමය ලැබීම සහතික කරනු ඇතැයි ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34