විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාව අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බලපත්‍රලාභි රැකියා එජන්සියක් පවත්වාගෙන ගිය කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකාරිය කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණීමේදී යි.

මෙම කාන්තාව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

සැකකාර කාන්තාවට විරුද්ධව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද සඳහන්.

පෝලන්තය වැනි විදෙස් රටවල රැකියවට යොමු කරන බවට විවිධ පුද්ගලයින් රවටා සැකකාරිය මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා.

ඇයට ලබාදී තිබූ විදෙස් රැකියා ඒජන්සියේ බලපත්‍රය තහනම් කිරීමට කටයුතු කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුලි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57