spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාව අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බලපත්‍රලාභි රැකියා එජන්සියක් පවත්වාගෙන ගිය කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකාරිය කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණීමේදී යි.

මෙම කාන්තාව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

සැකකාර කාන්තාවට විරුද්ධව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද සඳහන්.

පෝලන්තය වැනි විදෙස් රටවල රැකියවට යොමු කරන බවට විවිධ පුද්ගලයින් රවටා සැකකාරිය මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා.

ඇයට ලබාදී තිබූ විදෙස් රැකියා ඒජන්සියේ බලපත්‍රය තහනම් කිරීමට කටයුතු කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුලි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?