විදෙස් රැකියා සඳහා යන අයට හෙට සිට ක්‍රියාත්මකවන දෙයක් ගැන යුධ හමුදාපතිගෙන් දැනුම් දීමක්

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

විදේශ සේවා නියුකත්ති කාර්යංශය මඟින් ලබාදී ඇති ලේඛණ අනුව යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

සියලුම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලඟම පිහිටි විශ්ව විද්‍යාලයෙන් ලබන සඳුදා සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පාසැල් මට්ටමින් සිසුන් සඳහා එන්නත් ලබාදීමද ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 784 දෙනෙකු වාර්තා වුණා.

යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?