spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් රැකියා පෙන්වා කෝටියකට වැඩි මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

පෝලන්තය සහ බ්‍රිතාන්‍යයේ රැකියා දෙන බවට පවසා ජනතාව රවටමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකරු විදෙස් රැකියා ලබා දෙන බවට පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇතැයි පැමිණිලි ලැබී ඇති බවයි.

55 හැවිරිදි සැකකරු යුරෝපීය රටවල රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කර ඇති අතර සැකකරුට එරෙහිව ලැබුණු පැමිණිලි 7ක් මත කොළඹ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු කොළඹ 05 ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් එංගලන්තය, පෝලන්තය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් කිහිප දෙනෙගෙන් මුදල් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහු පුද්ගලයන් විදෙස් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි සහතිකයක් ලබාගෙන නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?