විදෙස් රැකියා පෙන්වා කෝටියකට වැඩි මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

පෝලන්තය සහ බ්‍රිතාන්‍යයේ රැකියා දෙන බවට පවසා ජනතාව රවටමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකරු විදෙස් රැකියා ලබා දෙන බවට පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇතැයි පැමිණිලි ලැබී ඇති බවයි.

55 හැවිරිදි සැකකරු යුරෝපීය රටවල රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කර ඇති අතර සැකකරුට එරෙහිව ලැබුණු පැමිණිලි 7ක් මත කොළඹ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු කොළඹ 05 ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින් එංගලන්තය, පෝලන්තය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් කිහිප දෙනෙගෙන් මුදල් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහු පුද්ගලයන් විදෙස් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි සහතිකයක් ලබාගෙන නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50