AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් දුම්වැටි සහ අයිස් සමග පුද්ගලයෙකු අල්ලයි

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

පුත්තලම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින මීගමුව පොලිස් වසමේ නිගම්බු හොටෙල්, කොළඹ පාර, පෙරියමුල්ලේ දියි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 700 ක් හා තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය දුම්වැටි 400ක් , ප්ලැටිනම් වර්ගයේ විදේශීය දුම්වැටි 200 ක් සන්තකයේ තබාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?