විදෙස් කතුන් පිරිසකට රහසඟ පෙන්වා අසැබි ක්‍රියාවක් කළ ත්‍රීවිල් රියදුරා අත්අඩංගුවට (වීඩියෝ)

මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් කාන්තාවන් පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවක තවත් ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් අදාළ කාන්තාවන් දෙස බලමින් අසැබි ක්‍රියාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු සංචාරක පොලිස් කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත්කර තිබුණා.

ඒ අනුව අදාළ සැකකරු අද (17) දිනයේ සංචාරක පොලිස් කොට්ඨාසයේ මහනුවර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කුරුණැගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක් බවයි සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සැකකරුට එරෙහිව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක් ද පවතින බවට අනාවරණය වී තිබෙනවා.

සංචාරක පොලිස් කොට්ඨාස අනාවරණය කරගත් කරුණු අනුව පසුගිය 04 වනදා පරගහදෙණිය – මාවතගම මාර්ගයේ දී සැකකරු විසින් මෙම අසැබි ක්‍රියාව අදාළ විදෙස් ජාතික කාන්තාවන්ට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
19
+1
3
+1
4
+1
3
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?