විදෙස් කතුන් පිරිසකට රහසඟ පෙන්වා අසැබි ක්‍රියාවක් කළ ත්‍රීවිල් රියදුරා අත්අඩංගුවට (වීඩියෝ)

මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් කාන්තාවන් පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවක තවත් ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් අදාළ කාන්තාවන් දෙස බලමින් අසැබි ක්‍රියාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු සංචාරක පොලිස් කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත්කර තිබුණා.

ඒ අනුව අදාළ සැකකරු අද (17) දිනයේ සංචාරක පොලිස් කොට්ඨාසයේ මහනුවර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කුරුණැගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක් බවයි සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සැකකරුට එරෙහිව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක් ද පවතින බවට අනාවරණය වී තිබෙනවා.

සංචාරක පොලිස් කොට්ඨාස අනාවරණය කරගත් කරුණු අනුව පසුගිය 04 වනදා පරගහදෙණිය – මාවතගම මාර්ගයේ දී සැකකරු විසින් මෙම අසැබි ක්‍රියාව අදාළ විදෙස් ජාතික කාන්තාවන්ට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33