විදෙස් කතක් අලුත්ගම හෝටලයක නාන තටාකයේ ගිලී මරුට

අලුත්ගම, මොරගල්ල සංචාරක හෝටලයක නාන තටාකයේ දියනාමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික සංචාරක කාන්තාවක් අද(4) පස්වරුවේ දියේගිලී බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි වට්සැක් ප්‍රාන්ස්කි නමැති 73 හැව්රිදි ඕස්ට්‍රේලියානු ජාතික සංචාරක කාන්තාවක් බව පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇති සංචාරක කාන්තාව සිය ස්වාමියා සමග මාර්තු 2වන දින ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිදුවීමට මුහුණ දුන් සංචාරක හෝටලයේ නැවතී දින 14ක කාලයක් විවේකීයව ගතකර නැවත මාර්තු 16 ඔවුන් දෙපළ මව් රටට යෑමට සිටියදී මෙම ජල අනතුර එම කාන්තාවට සිදුව ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

ජීවිත ආරක්ෂකයින් ඇයගෙ නිසල සිරුර ගොඩගෙන බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙනවිත් ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.

මෘතදේහය පිළිබඳ මූලික මරණ පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂක බේරුවල රෝහලේදී සිදුකළ බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යන්නයි අලුත්ගම පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම මරණය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ මෙරට තානාපති කාර්යාලය දැනුවත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරි දිනයකදී සිදු කිරීමටද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38