spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාර ද මුළුමනින්ම අසත්‍ය බවයි.

ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශිය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සිය අභිමතය පරිදි සිදුකළ හැකි බවද මහ බැංකුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?