විදුලි සැර වැදීමෙන් දැරියක් ජීවිතක්ෂයට

වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

වෙලම්බොඩ පොලිසිය පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මෙම හදිසි අනතුර සිදු ව ඇත්තේ කෝවිල්කන්ද, වට්ටප්පොල දී බවයි.

අනතුරින් 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගිය දැරිය එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමගක් ආධාරයෙන් නැඟ ඇති බවත් මෙම ස්ලැබ් එක මතට රිලවුන් පැමිණෙන නිසාවෙන් විදුලි කම්බි ඇද තිබී ඇති අතර එහිදි දැරියට විදුලි සැර වැදී ඇති බවයි පැවසෙන්නේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?