විදුලි රැහැනක පැටලී ‘වාසල’ සහ ‘වළගම්බා’ දෙදෙනාම මිය ගිහින් (වීඩියෝ)

පුත්තලම, තේවනුවර ප්‍රදේශයේ සැරි සැරූ වන ඇතුන් දෙදෙනකු මිය ගොස් ඇති බව පුත්තලම වන ජිවී කාර්යාලය පවසනවා.

විදුලි සැර වැදීමෙන් මෙම සතුන් දෙදෙනා මෙලෙස මියගොස් ඇති බවයි වන ජිවී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

‘වාසල’ සහ ‘වළගම්බා’ නමින් හඳුන්වන මෙම දළ ඇතුන් දෙදෙනා පුද්ගලික ඉඩම අටවා තිබූ විදුලි වැටක පැටලී මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුලි රැහැන් ඇද තිබූ ඉඩමේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

FB IMG 1701584128817 1
FB IMG 1701584131623 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
12
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !