විදුලි කප්පාදුවෙන් කොරෝනා එන්නත්වලටත් බලපෑම්

පවතින විදුලි කප්පාදුව සමග කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ගබඩා කර ඇති ශීතාගාර පවත්වාගැනීම සඳහා විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට අඛණ්ඩව ඉන්ධන අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

රට තුළ පවතින කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එවන් පසුබිමක රට තුළ ක්‍රියාත්මක විදුලි කප්පාදුව සමග ශීතාගාරවලට අතිරේක විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබාදීමට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 1208 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 641,786 ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 16,116 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ තවත් මරණ 30 ක් වාර්තා වීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?