විදුලිය නැති වෙන්න පාර කපන තවත් ප්‍රශ්නයක් මතුවෙයි

ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඊයේ දිනයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පෙරේදා දින විශ්‍රාම ගත් හිටපු සාමාන්‍යාධිකාරී MR රණතුංග යළි සේවයේ පිහිටුවීමට සභාපතිවරයා සිදු කළ යෝජනාවක් හේතුවෙන්. සාමාන්‍යයෙන් විදුලිය මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විශ්‍රාම යාමට  පෙර දින නව සාමාන්‍යාධිකාරිවරයා නම් කිරීම සිදු කෙරෙනවා.

එම නම් කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. ඉන් අනතුරුව  විශ්‍රාම යෑමට නියමිත සාමාන්‍යාධිකාරිවරයා නව සාමාන්‍යාධිකාරීවරයාට සියලු වගකීම් බාර දී විශ්‍රාම යෑම සිදුවෙනවා. හිටපු සාමාන්‍යාධිකාරීවරයා  විශ්‍රාම යෑමෙන් පසු දින යළිත් අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී නම් කල නව සාමාන්‍යාධිකාරීවරයාට වගකීම් භාරදීම සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

ඒ අනුව පෙරේදා දිනයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව නව සාමාන්‍යාධිකාරීවරයාට වගකීම් භාර දීම සඳහා  අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ රැස් වී තිබෙනවා. එහිදී සිදුව ඇත්තේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා යලි පත්කර ගැනීම සඳහා යෝජනාවක් සභාපතිවරයා විසින් ඉදිරිපත් කිරීමයි. මෙම සිද්ධියත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම උණුසුම් තත්ත්වයක් ගෙන තිබෙනවා. 

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් හිටපු සාමාන්‍යාධිකාරිවරයාව යළි නම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිව් ෆොර්ට්රස් එනර්ජි අමෙරිකානු සමාගම සමඟ විදුලිබල මණ්ඩලය ඇතිකරගත් ගිවිසුම නීත්‍යානුකූල සහ රටට වාසිදායී බවට හිටපු සාමාන්‍යාධිකාරිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම බවටයි විදුලිබල මණ්ඩල සේවකයින් චෝදනා කරන්නේ.

ඒ අනුව ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තීරණයක් නොගෙන ඊයේ දින අවසන් වී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ දින සිට එළඹෙන අඟහරුවාදා දින දක්වා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට කටයුතු කිරීමට සිදුව ඇත්තේ සාමාන්‍යාධිකාරිවරයකු නොමැතිවයි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය දැනට පවතින තත්වයන් හමුවේ දින කිහිපයක් සාමාන්‍යාධිකාරීවරයෙකු නොමැති වීම  රටට ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් විය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමණාකාරිත්වය පෙන්වා දෙන්නේ. මෙම දින ගණනාව තුළ ඇතැම් විට මුළු දිවයිනටම විදුලිය නොමැති වීමේ අවදානමක් ද තිබිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ. 

ඊට හේතුව විදුලිබල මණ්ඩලයට ලබාගන්නා දැවි තෙල් සහ විදුලිය නිෂ්පාදනය කිරීමට  ලබා ගන්නා ඩීසල් සඳහා ගෙවීම් සිදුකිරීම සඳහා සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සන අනිවාර්යවීමයි. 
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?