විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ගොනු කළ පෙත්සම හෙට දින සලකා බලන තුරු විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඤාවක් ලබා දුන්නා.

ඒ අනුව මානව හිමිකම් කොමිසමට අපහාස කලේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා හෙට දින කැදවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 දා දක්වා කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට වගඋත්තර කරුවන් විසින් තම කොමිසමට ප්‍රතිඥාවක් ලබාදුන් බව ප්‍රකාශ කළා.

පසුව එම ප්‍රතිඥාව උල්ලංඝනය කරමින් වගඋත්තරකරුවන් විදුලිය කප්පාදු කිරීමට පියවර ගත් බවත් ඒ තුළින් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරුවන් මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදු කර ඇති බැවින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියාසිටියා.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම දිනවල දැඩි වර්ෂාපතනයක් පවතින බැවින් බාධාවකින් තොරව විදුලිය සැපයීමට වග උත්තරකරුවන්ට හැකියාව තිබෙන බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම කරුණට අදාළව තම සේවාදායකයින් ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවයි.

මෙය සිසුන්ගේ අධ්‍යාපනය හා සම්බන්ධ කරුණක් බැවින් ඒ පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීම අවශ්‍ය බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දෙනු ලැබුවා.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට විසි හතරකට ආසන්න ප්‍රමාණයක් පමණක් ජල විදුලියෙන් උත්පාදනය කරන බව පෙන්වා දුන්නා.

සෙසු අවශ්‍ය ප්‍රමාණය ඉන්ධන සහ ගල් අඟුරු උපයෝගී කරගනිමින් සිදුකෙරෙන බවත් කලින් පැය හතකට ආසන්න කාලයක්ව තිබූ දෛනික විදුලි කප්පාදුව මේ වන විට දිනකට පැය දෙකයි විනාඩි විස්සක් දක්වා අවම කර ගැනීමට හැකිවී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙම තත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇතැයි පැවසූ ජනාධිපති නීතිඥවරයා ඉදිරියේ දී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාග කාල සීමාවේ ද අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදු වී තිබෙන බවත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛන්ඩව විදුලිය සැපයීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තම සේවාදායකයා ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා තම සේවාදායකයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි.

එම කාලසීමාව තුළ විදුලිය කප්පාදු වීමක් සිදු වන්නේ නම් ඊට තම සේවාදායකයාගේ අනුමැතියක් හිමි නොවන බවත් නීතිඥවරයා දන්වා සිටියා.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එතෙක් විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සදහන් කර තිබෙනවා.

පසුව එම සමථය ඉකුත් 26 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ විධානයක් වශයෙන් නිකුත් කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

ඒ අනුව බල ශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන එම විධානය ප්‍රකාරව ක්‍රියාත්මක වී ඉකුත් 26 වැනිදා සවස 4.00 ට පෙර දැනුම් දෙන ලෙස ද මානව හිමිකම් කොමිසම විසින් අදාළ ආයතනවලට දන්වා තිබුණා.

එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කර අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32