විජයදාසට වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන අයට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (20) වාරණ නියෝග නිකුත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝග නිකුත් කළා.

ඉකුත් 12 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත යන අය පත් කරගෙන තිබුණා.

එම පත් කිරීම් ශ්‍රී ලංකාව නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විජයදාස රාජපක්ෂ සහ කීර්ති උඩවත්ත යන අය එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ශවයක වැඩ බලන ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය කොළඹ දිසා අධිකරණ කලාපයේ පදිංචිකරුවන් බවට තහවුරු කර නොමැති නිසා සිවිල් නඩු විධාන සංග්‍රාහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකර පාර්ශවයට දිසා විනිසුරුවරයා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා අවසර ලබා දුන්නා.

ඒ, අනුව පැමිල්ලිකාර දුමින්ද දිසානායකගේ නීතිඥවරු එදිනම අදාළ පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අද (20) දින සලකා බැලීම සඳහා අධිකරණය විසින් එදින නියම කරනු ලැබුවා.

ඒ, අනුව අදාළ පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විජයදාස රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

” ස්වාමීනී මෙම නඩුකරයට අදාළව ඔබතුමා විසින් ලබාදුන් නියෝග දෙකකට එරෙහිව විත්තිකරුවන් විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබෙනවා. එය මේ අවස්ථාව වන විටත් අධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් පවතිනවා. එම නිසා සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නියෝගයක් ලබාදෙන තුරු මෙම නඩුවේ කරුණු සලකා බැලීමක් නොකරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම අවස්ථාවේ දී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව පැමිණිලිකරු සිය පැමිණිල්ල සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා දැනට ඉදිරිපත් වී ඇති කරුණු මත නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වූ විජයදාස රාජපක්ෂගේ පාර්ශවයේ නීතිඥවරු තම පාර්ශ්වයේ කරුණු විමසීමකින් තොරව පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව විනිසුරුවරයාට පෙන්වා දුන්නා.

මෙම කරුණට අදාළව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් මෙවැනි නියෝගයක් නිකුත් නොකරන ලෙසත් එම නීතිඥවරු තරයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඊට අදාළව ඉදිරිපත් වූ කරුණු පදනම් කරගෙන පැමිණිල්ලෙන් ආයාචනය කර තිබෙන වාරණ නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවයි.

එම අවස්ථාවේ දී විජයදාස රාජපක්ෂගේ පාර්ශවය නීතිඥවරු හා පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ තනතුරු වලට පත්කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් බැලූ බැල්මටම ගැටලුවක් මතුවන බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් විජයදාස රාජපක්ෂ පත්කිරීම වළක්වාලමින් දැනටමත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි සිහිපත් කළ විනිසුරුවරයා එම වාරණ නියෝගය නිකුත් වී මාසයකට ආසන්න කාලයක් ගතවී තිබුණත් ඒ පිළිබඳව කිසිවකු අභියෝගයක් කර නොමැති බව සඳහන් කර සිටියා.

ඒ, අනුව පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කරන බව සඳහන් කළ විනිසුරුවරයා එම වාරණ නියෝග ජුනි මස 03 වනදා දක්වා බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?