බඹරගලකන්ද බැලීමට ගොස් තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසකගෙන් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (05) දහවල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පාසලක සිසුවෙක්.
නුගවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දියේ ගිලුණු සිසුවාගේ මළ සිරුර තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, මෘත ශරීරය තෙල්දෙණිය රෝහල වෙත යොමුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1



