AFC Banner
Empty Ad
Empty Ad

වික්ටර් රත්නායකයන් අරගල බිමට පැමිණෙයි – තරුණ තරුණියන්ගෙන් ඉහළ පිළිගැනීමක්

ගාලු මුවදොර පැවැත්වෙන අරගලය අද 06 වන දිනයටත් උණුසුම්කාරී ලෙස පැවැත්වෙනවා. තරුණ තරුණියන් හා වත්මන් පාලනයට එරෙහි වන බොහෝ දෙනා එම අරගලය හා සම්බන්ධ වී සිටින ආකාරය දැකගත හැකිවෙනවා.

අරගල නොයෙක් අවස්ථාවල දී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් විශිෂ්ට පුද්ගලයන් ද තරුණයන්ට සහාය වෙමින් මෙම අරගලයට පැමිණෙන ආකාරය විස්මය දනවන කරුණක්.

හෙළයේ ගී කෝකිලාවිය හෙවත් නන්දා මාලිනිය ද මෙම අරගලයට පැමිණි අතර ඇය සමග මාහාචාර්ය සුනිල් ආරියරත්න ද එක්ව සිටියා. ඊයේ දිනයේදී සංගීතඥ රෝහණ වීරසිංහයන් ඇතුළු කලාකරුවන් රැසක් පැමිණ සිටියා.

අද උදෑසන අවුරුදු උදාවත් සමඟ ලාංකේය සුභාවිත ගීතයේ විසල් සුලකුණක් වන ආචාර්‍ය වික්ටර් රත්නායකයන් ද අරගල භූමියට පැමිණ සිටි අයුරු දැකගන්නට ලැබුණා.

තරුණ තරුණියන්ගේ උණුසුම් පිළිගැනීම හා ගරුත්වය වික්ටර් රත්නායකයන්ට නො අඬුව ලැබුණු බවයි අප වෙත වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?