වෑල් මාරු වෙලා තියෙන්නේ ගෑස් වල ද ? ආණ්ඩුවේ ද ?

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව පැවසීය. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ජනතාවගෙන් විමසා සිටියේය.

ගෑස්  ඛේදවාචකය ආරම්භ වුණු දිනයේ සිටම මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය හැටියට සමගි ජන බලවේගය රටට හෙලිදරව් කළ බව කී විපක්ෂ නායකතුමා අදාල විෂයභාර අමාත්‍ය අමාත්‍යවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම එදා ඒ පිළිබඳව උත්තර නොදී පලා ගිය බව ද පැවසීය.

ගෙවල් පුපුරන, කුස්සි ගිනි ගන්න, ජීවිත අහිමි වන බරපතළ බරපතළ ඛේදවාචකයක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂයභාර අමාත්‍යවරුන් බව පැවසූ විපක්ෂ නායකතුමා එදා ඔවුන් දෙදෙන බොරු කී බවත් අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී ඇති බවත් පැවසීය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම මාධ්‍ය ප්‍රකාශක එස්. එම් මරික්කාර් මහතාගේ කොලොන්නාව ආසනයේ ඡන්ද පොළ නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාව අද (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආණ්ඩුවක් පත් වන්නේ ජනතාව ආරක්ෂා කිරීමට බවත් අවාසනාවට ලංකාවේ ආණ්ඩුව ජනතාව නොමරා මරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ඒ අනුව ගත් විට වර්තමාන ආණ්ඩුව ජන ඝාතක ආණ්ඩුවක් බව කී ඒ මහතා ජනතාවගේ දුක කඳුල වේදනාව ආණ්ඩුව මායිම් නොකරන බවද පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් හරහා මළමිනී මතින් බලයට ආ මේ ආණ්ඩුව කිසිවිටකත් ජනතාවගේ ප්‍රශ්න අබියස සංවේදී වූයේ නැති බව ද ඒ මහතා පැවැසීය.

ජනතාවට දරාගන්නට බැරි පීඩනය අභියස රට කරවන ඇත්තන් ට එරෙහිව ජනතාව තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නේ කරන්නේ හූ කියමින් බව පැවසූ විපක්ෂ නායකතුමා, ලැජ්ජාවට කරුණ වන්නේ ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමට වැටීම යයිද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34