AFC Banner
AFC Banner
Empty Ad

වැස්සේ දුවපු තරුෂිට ඔලිම්පික් වරම් අහිමිවෙයි ද ? (වීඩියෝ)

පසුගියදා නිමාවට පත් වූ ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ධාවන තරඟයේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළ ධාවන ශූරි තරුෂි කරුණාරත්නට, ජාතික මළල ක්‍රීඩා සංගමය විසින් දැඩි අසාධාරණයක් සිදුකළ බවට හිටපු මළල ක්‍රීඩකයින් චෝදනා කරනවා.

දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලියේ දී ධාවන පථය වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී තිබිය දී, ඇයගේ ධාවන ඉසව්ව පැවැත්වීම ඉතා සැකයට තුඩුදෙන කාරණාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාතික මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පසුගියදා හෝමාගම – දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත් එඋ අතර, එහිදී මෙරට මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තා රැසක් බිහි කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ යුපුන් අබේකෝන් තරග ඉසව් කිහිපයකට සහභාගි වුණේ ඉදිරියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුව සහිතවයි.

කෙසේ වෙතත්, ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාවත් සමඟ දියගම ධාවන පථය ජලයෙන් තෙත් වී තිබීම හේතුවෙන් මෙම තරග ඉසව් කිහිපයක් පසුවට කල් දමන ලෙස මළල ක්‍රීඩා සංගමයෙන් සිදුකළ ඉල්ලීම එහි උසස් නිලධාරින් විසින් අවධානයට යොමු නොකිරීම හේතුවෙන් තරුෂි කරුණාරත්නට විශාල ආසාධාරණයක් සිදුවී ඇති බවයි හිටපු මළල ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
0
+1
0
+1
11
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?