වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 29 මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය, එහිදී මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.

පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ඒ සඳහා වාණිජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

අලුතින් පොල් වගාවට වඩා පවතින වගාවන්හි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවධානය යොමු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඌන උපයෝජන සහිත පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින පොල් වතු ප්‍රශස්ත ලෙස උපයෝජනය සඳහා දැනට පවතින නීති, රීති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නා.

එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දෙනු ලැබුවා.

වතු නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය, වතු යටිතල පහසුකම් සංවර්ධනය, වතු පාසල්හි සුහුරු පන්ති කාමර පිහිටුවීම සහ වතු අංශයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නා.

තේ සහ රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ලංකා කුරුදු නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ගෝලීය ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා.

බස්නාහිර පළාත තුළ කුරුදු වගාව ප්‍රවර්ධනය කිරීම සහ එමගින් ඉහළ ඵලදායීතාවක් මෙන්ම ඉඩම් උපයෝජනය ඉහළ නංවා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මේ වන විට මෙරට නිර්මාණය වී තිබෙන කෘත්‍රිම වෙළෙඳපළ හේතුවෙන් බොහෝ කර්මාන්ත ඌන ධාරිතාවක් සහිත තත්ත්වයට පත්ව ඇති බැවින්, මේ පිළිබඳ නිසි ඇගයීමක් සිදුකර මෙරට කර්මාන්ත සංවර්ධනයට අදාළ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ද්වීකරණ අවස්ථා හඳුනාගෙන එසේ හඳුනාගත් ආයතන ඒකාබද්ධ කිරීමත්, ඈවර කළ යුතු ආයතන ඈවර කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා.

එමෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සහ අපේක්ෂිත ඉලක්ක පිළිබඳවද සාකච්ඡාවට බදුන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53