වැවිලි සමාගම් සතු වගා නොකළ ඉඩම්වල ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

වැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

වැවිලි සමාගම් සතුව වගා නො කරන ලද ඉඩම් හෙක්ටයාර නවදහසකට අධික ප්‍රමාණයක් පවතින අතර සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු භෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදී පෙන්වා දී තිබෙනවා.

තේ අපනයනයේදී රටට හිමි විය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහා ම සොයා බලන ලෙස ජනාධිපතිවරයා පවසා සිටියා.

වැවිලි ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව දීමට ද මෙහිදී තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43
Video thumbnail
හෙල්මට් එකක් නිසා පොලිසියයි හාමුදුරුවොයි ඇවිලෙයි
04:35

?