වැව් බැම්ම තුළට ගිලී ගිය ඇතින්න

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෑදෑව, ඉහළගම ප්‍රදේශයේ ඉහළගමවැවේ ඊයේ (10) පස්වරුවේ වැව් බැම්ම කඩාගෙන ඇතින්නක් වැටී අනතුරකට ලක්වීමේ පුවතක් වාර්ත වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඉකුත් වැසි සමයේ ඉහළගම වැවේ සොරව්ව අසල ජල කාන්දුවක් සහිත උමඟක් නිර්මාණය වී තිබූ බවත් එය ගම්මුන් විසින් අමු පස් යොදා ගොඩ කරන ලද බවයි.

මෙම ඇතින්න එම ස්ථානයෙන් ඊයේ පස්වරු 5.00ට පමණ ඉහළගම වැවෙන් ජලය බී ඒ අසල වූ කුඹුරු යාය වෙත ගොඩවීම සඳහා වැවෙන් එගොඩ වීමට උත්සාහ කර ඇති අවස්ථාවේදියි වැව් බැම්ම කඩාගෙන ගිලා බැස ඇත්තේ.

අලුතින් දැමූ පස් නිසා වැව් බැම්ම මත විශාල වළක් ලෙස සෑදී එම ඇතින්න ඊට ඇද වැටී තිබෙනවා.

අනුරාධපුර වනජීවී කාර්යාලයේ අඩඩි නිලධාරී ඇතුළු පිරිසක් පැමිණ ඇතින්න ගොඩට ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුව ස්ක්‍රැවේටර් යන්ත්‍රයක් යොදා වළේ
එරුණු ඇතින්න ගොඩට ගැනීම සිදු වූ බවත් වාර්තා වනවා.

මේ වනවිට එරුණු ඇතින්න මුදාගෙන ඇති බවත් නමුත් සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් සුව නොවන බැවින් එම ස්ථානයේ තබා ප්‍රතිකාර කරන බව ද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?