කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (28) අත්අඩංගුවට ගැනුණු හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් හෙවත් ‘වැලිගම සහන්’ නැමැත් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා අගෝස්තු මස 04 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම අවසර ලබා දී තිබෙනවා.
ඒ, ඔහු අද (29) කළුතර අපරාධ කොට්ඨාසය මඟින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික වැලිගම සහන් ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එලෙස පැමිණි ඔහුව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
වැලිගම සහන් වනවිට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින හරක්කටාගේ ගෝලයෙකුවන අතර ‘මිදිගම චූටි’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ද සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙක්.
අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම සහන් සිදුකළ බව කියන අපරාධ සම්බන්ධ විස්තර පහතින්.

















