වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අද (16) අලුයම 4.40ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල ව ඇත්තේ වැලිගම – උඩුකාව ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට බවයි වාර්තා වන්නේ.
එම මන්ත්‍රීවරයා වෘත්තියෙන් නීතිඥවරයෙකු ද වන අතර හෙතෙම ජාතික ජන බලවේග පක්ෂයේ සාමාජිකයෙක්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ, අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බවයි.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදු ව නැහැ.
වෙඩිකරුවන් වෙත පොලීසියෙන් ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලා ගොස් තිබෙනවා.





