වැලිකඩ පොලිස් භාරයේ සිට රෝහල් ගතකළ සැකකරුවා මියයාම ගැන විමර්ශන සී.අයි.ඩීයට

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දී රෝහල් ගතකළ සැකකරුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ (04) දිනයේ සිට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය පළමු වනදා රාත්‍රී කාලයේ රාජගිරිය, නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔහුව රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු මියගිය ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?