වැලිඔය ප්‍රියන්තගේ ගෝලයින් දෙදෙනා අල්ලයි – පදවිය කාන්තාවගේ ඝාතනය වැරදීමක්

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඔවුන් සන්තකයේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව උණ්ඩ, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරුවන් දෙදෙනා පදවිය, බෝගහවැව ප්‍රදේශයේ දී පෙරේදා (05) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන් සන්තකයේ තිබී සොයාගත් T56 වර්ගයේ ගිනි අවිය එම අපරාධය සඳහා යොදාගත් අවිය බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් සැකකරුවන් දෙදෙනාගේ ඉලක්කය වී ඇත්තේ ඝාතනයට ලක් වූ 73 හැවිරිදි කාන්තාවගේ මිණිබිරිය බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම තැනැත්තිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ 73 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?