වැල්ලේ සාරංගගේ ප්‍රධාන ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන වැල්ලේ සාරංගගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 16 වනදා මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් බවයි වාර්තා වුණේ.

කඩවත, මංකඩ පාර අධිවේගී පාලම අසල දී සැකකරුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී 2007 වසරේ සිට 2013 වසර දක්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලේ සාරංග හා සම්බන්ධ වී ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පෙළෙ ගෝලයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

වැල්ලේ සාරංග යන අයගේ කොන්ත්‍රාතුවක් මත පසුගිය 16 වන දින මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමට අදාළ සිදුවීමේ වෙඩි තැබීමට පෙර ගිනි අවිය හා වෙඩික්කරු මොහුට අයත් ත්‍රීරෝද රථයෙන් තොටලග ප්‍රදේශයේ සිට මෝදර ලෙල්ලම ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම හා වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන විත් පාලායාමට අනුබල දීම හා ගිනි අවිය කඩවත ප්‍රදේශයට රැගෙන විත් තවත් පුද්ගලයෙකුට ලබා දී සැඟවීමට ඍජු ලෙස අධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇත්තේ.

සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04