AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවාය කඳු රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටා ඇති වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අද (01) අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඉපැරණි ශාක සහ තෘණ භූමි සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

WhatsApp Image 2024 09 01 at 08.23.51 4
WhatsApp Image 2024 09 01 at 08.23.51 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?