වැල්ලවත්තේ දී පුද්ගලයෙක් දුම්රියට පනී

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් පුද්ගලයෙකු ඊයේ (26) දහවල් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

දෙහිවල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන අදාළ පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස සියදිවි හානිකරගත් පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගෙන නොමැති අතර මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?