වැරදි කළ ඒජන්සිකරුවෝ පැමිණිලිකරුවන්ට ගෙවූ වන්දිය කෝටි තුන ඉක්මවයි

විදේශ රැකියා ඒජන්සි ආයතනවලට එරෙහිව 2022 වසරේලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සි පාර්ශව වෙතින් රු.38,087,000.00 (තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක) මුදලක් පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර තිබෙනවා.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන ලැබුණු පැමිණිලි විභාගකිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝග මතයි මෙම මුදල් පැමිණිලි කරුවන් වෙත ගෙවා ඇත්තේ.

මෙම මුදල 2022 වසරේ ජනවාරි 01 දිනසිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල පමණක් විභාග කල පැමිණිලිවලට අදාළව වන අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහල අගයක්.

2021 වසරේ මෙලෙස අයකර දෙන ලද මුදල රු. 8,945,900ක් වනවා.

කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව කටයුතු කිරීමට චක්‍රලේඛ මගින් දැනුවත් කළද එයට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිතායතන 17ක කම්කරු බලපත්‍ර මේවන විට අවලංගු කිරීමටද කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

තවදුරටත් පවතින පැමිණිලි පරික්ෂණවලට අදාල නිර්දේශමත තවත් ඒජන්සි ආයතන 27ක කාර්යාංශ බලපත්‍ර අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.

2022 වර්ෂය තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1334ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 744ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව යි.

එම සංඛ්‍යාලේඛන අනුව මෙම කාලසීමාව තුළදී පැමිණිලි 922ක ප්රතමාණයක් විසඳා අවසන් කර වන්දි මුදල් ලබාදීමටත්, පැමිණිලි 214ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර දඩුවම් ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා.

එහිදී නඩු 116ක ප්රාමාණයක් ගොනුකර ඇත්තේ ඒජන්සි ආයතන වලට එරෙහිවයි.

විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ පවතින නීති විරෝධී එනම්, කාර්යාංශ බලපත්‍ර නොමැති ආයතන වැටලීම කාර්යාංශ විමර්ශන අංශය විසින් දිගින් දිගටම සිදුකරන අතර, ඒ අනුව 2022 වර්ෂය තුළදී වැටලීම් 27ක් සිදුකර, පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින මෙවන් අවධියක විදේශ රැකියා සිහිනය සැබෑකර ගැනීම සඳහා නිවැරදි මාර්ගය තෝරාගැනීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ.

තමා විදේශ ගතවීමට අපේක්ෂිත රටෙහි නියමිත රැකියා සඳහා පවතින අවස්ථා පිළිබඳව පූර්ව තොරතුරු කාර්යාංශය වෙතින් ලබාගැනීමත්, ඒ සඳහා කාර්යාංශ වෙබ් අඩවිය www.slbfe.lk හා 24 පැය ඇමතුම් මධ්‍යස්ථානයේ 1989 අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගැනීම සිදුකළ යුතුයි.

ඊට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කරනු ලබන ආයතනය වශයෙන් මහජනයා වෙත පිළිගත හැකි හා හදුනාගත හැකි විදේශ රැකියා ආයතන වශයෙන් කාර්යාංශ නීතිරීති හා අණපනත් සදහා අනුකූලව කටයුතු කරන ලියාපදිංචි ආයතන මේ වන විට පවතින බැවින් සෑම විදේශ රැකියා අපේක්ෂකයෙකු සඳහාම නිවැරදිව විදේශ රැකියා ලබාදීම ඔවුන්ගේ වගකීම වනවා.

එබැවින් ඒ සඳහා එම ආයතන කටයුතු කරන ආකාරය ගැන කාර්යාංශය විසින් විශේෂ අවධානය යොමුකරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බලපත්‍ර පැවතියද යම් යම් නීතිවිරෝධි හෝ වැරදි කටයුත්තක් යම් නියෝජිතායතනයක් සිදුකරයි නම් එම ආයතන නීතිය ඉදිරියට රැගෙන ගොස් ඒ සඳහා පවතින ප්‍රතිපාදනවලට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් නිරතුරුවම සිදුකරනු ලබන බවයි කාර්යාංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04