වැන්දඹු කතකගේ ආලය බෙදාගන්න බැරිව කළ මිනීමැරුම

සිව්දිනක සිට අතුරුදන් වූ 35 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුරක් අලුත්වෙල – හාමුදුරුකන්ද රක්ෂිතයෙන් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශයට වාර්තා වූ තොරතුරු මත මෙම පුද්ගලයා පසුගිය 18 වැනිදා අතුරුදන් ව ඇති බවට තණමල්විල පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විමර්ශන ඇරඹූ පොලිස් නිලධාරින්ට අද (22) කොස්ලන්ද පොලිස් ස්ථානය මගින් දුන් පණිවිඩයකට අනුවයි අදාළ අතුරුදන් වූ තැනැත්තාගේ මළසිරුර හමු වී ඇත්තේ.

මළසිරුර සොයාගන්නා විට දී ඔහුගේ සිරුරේ හිස කඳින් වෙන් ව තිබූ බව ද වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල – අරාවේගම පදිංචි රොෂාන් දිමුතු නම් අයෙක්.

සිය පුත්‍රයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගේ මව විසිනුයි පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මරණකරු සහ එම ප්‍රදේශයේ ම පදිංචි වසන්ත නමැති අයෙක් 44 හැවිරිදි වැන්දඹු කාන්තාවක් සමග පැවති අනියම් සබඳතාව හේතුවෙන් වසන්ත නමැත්තා විසින් මොහුව ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?