සුපිරි ඕවරෙන් ඔල්වරසන් හඬ නැංවූ දිල්ලිවරුන්

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) දිල්ලි හි දී පැවති තරගය සම-තත්ත්වයට පත්වීම හේතුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දු වාරයේ දී සිය ජයග්‍රහණය තම කණ්ඩායම දෙසට නතු කරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමු ව පිතිකරණය සඳහා සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

එම ඇරයුම පිළිගත් කේ.එල්. රාහුල් ඇතුළු දිල්ලිවරුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.

අභිෂේක් පොරෙල් ලකුණු 49යි.

කේ.එල් රාහුල් ලකුණු 38යි.

ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 34ක් සහ අක්සාර් පටෙල් ද ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආචර් කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 188ක් රැස් කරමින් තරගය සුපිරි පන්දුවාරයකට රැගෙන ගියා.

සුපිරි පන්දුවාරය වෙනුවෙන් පළමු ව පන්දුවට පහරදීමට රාජස්ථාන්වරුන් පිටියට ආ අතර ඔවුන් පන්දුවාරය අවසානයේ ලකුණු 11ක් ලබා ගත්තේ කඩුලු 02ක් බිඳ වැටීමෙන්.

කෙසේවෙතත් දිල්ලිවරුන් සිය සුපිරි පන්දුවාරයේ පන්දු 04ක් ගෙවෙන විට ලකුණු 13ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

තරගයේ වීරයා මිචෙල් මාර්ෂ්.

මෙම ජයග්‍රහණයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මුහුණ දුන් තරග 06න් 05ක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ මුලසුන යළිත් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර අද (17) රාත්‍රියේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී මුම්බායි ඉන්දියන්ස්වරුන්ට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16