වැඩි මිලට විකුණන හාල් සොයා පාරිභෝගික සේවා නිලධාරීන් පිටකොටුව වටලයි (වීඩියෝ)

වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ අද (08) මෙහෙයුමක් දියත් කළා.

මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ උපාය දුතන් ලෙස යොදවා පරීක්ෂා කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැලකට එරෙහිව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම කටයුතු කළා.

ඊට අමතරව සහල් ඇසුරුමේ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් තවත් වෙළඳසැලකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කළේ.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට සිදුකර ඇති බවයි.

එමෙන්ම රාත්‍රී කාලයේ දී සහ සති අන්ත දිනයන්වල දී ද මෙම වැටලීම් සිදුකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සහල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරනගේ වරදකරුවකු වූ අයෙකුට (තනි පුද්ග්ගල ව්‍යාපාරයකට) රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වා, සමාගමක් නම් රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ නියම කිරීමට හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?