AFC Banner
AFC Banner
Empty Ad

වැඩි මිලට බිත්තර අලෙවි කළ බිත්තර නිෂ්පාදක සංගම් සභාපතිට නඩු

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ කළ වැටලීම්වලදීයි මෙම වෙළඳසැල් සොයාගෙන ඇත්තේ.

එහිදී කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සරත් රත්නායකට අයත් බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

හල්මිල්ලෑව, පන්නිපිටිය සහ අවුලේගම පවත්වාගෙන ගිය මහා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් කිහිපයකට ද නීතිමය පියවර ගෙන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉදිරියේ දී අදාළ නිෂ්පාදන ආයතනවලට එරෙහිව නඩු පැවරිම් සිදුකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?