වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන් සොයා දිවයින පුරා වැටලීම්

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ එවැනි වෙළෙඳුන්ට සති අන්ත දිනවල දී අවවාද සිදුකර සඳුදා (හෙට 22) දිනයේ සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පෙරේදා (19) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයන් නිකුත් කළා.

මෙම ගැසට් නිවේදනයට අනුව දුඹුරු සහ රතු බිත්තරයක් රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක් රුපියල් 43ක් ලෙසත් උපරිම මිලක් නියම කර තිබෙනවා.

බිත්තරයක මිල රුපියල් පහකින් අඩුකරන බවට බිත්තර නිෂ්පාදකයින් පවසා තිබූ පසුබිමකයි මෙලෙස බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවේ.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරන්නේ මෙලෙස පනවා ඇති උපරිම සිල්ලර මිල බිත්තරයක් නිෂ්පාදිත පිරිවැයට ද වඩා අඩු අගයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?