වැඩිහිටි නිවාසයේ හාන්සි පුටුවක් මත මියගොස් සිටි ආච්චිගේ මරණය සැකයක්

හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හාන්සි පුටුවක් මත මියගොස් සිටි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබුණේ හල්තොට, යාලගල ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැහැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්.

අදාළ කාන්තාව හාන්සි පුටුවේ සිටිය දී හදිසියේ මිය ගොස් ඇති බවට, වැඩිහිටි නිවාසයේ භාරකරු හොරණ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී මියගොස් සිටි කාන්තාවගේ දණහිසත් වළලුකරත් අතර අස්ථිය බිඳී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ, අනුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මෙම මරණය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බව සඳහන්.

හොරණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?