වැඩිම වී වගා හානි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි

මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කර දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලබනවා.

වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා දිවයිනම ආවරණය වන පරිදි කණ්ඩායම් 25ක් යොදවා තිබෙනවා.ඊයේ දිනයට වනවිට වාර්තා වී ඇති වගා හානි තක්සේරු කිරීම් පිළිබඳ වාර්තාව අද දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය වනවිටත් වැඩිම වගා හානි වාර්තා වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
එම ප්‍රමාණය අක්කර 19,388කි. අගතියට පත්ව ඇති ගොවීන් ප්‍රමාණය 22,357කි.

දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවළවේ කලාපයෙන් වාර්තාවෙනවා. එය අක්කර 10,125කි. ගොවීන් ප්‍රමාණය 4050කි.ඊයේ දිනය වනවිට දිවයින පුරා වාර්තා වන වී වගා හානි අක්කර ප්‍රමාණය 37,101කි.

ගොවීන් ප්‍රමාණය 32,967කි.