කටුබැද්ද – බණ්ඩාරනායක මාවතේ අසල මංසන්ධියේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (09) උදෑසන 06.50ට පමණ මෙම අනතුරට ලක් ව ඇත්තේ පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පිළියන්දල දෙස සිට පැමිණ දකුණු පසට හැරවීමට ගිය ත්‍රීරෝද රථයේ ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු පිළියන්දල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද පසුපැදිකරු මියගොස් තිබෙනවා.
යතුරුපැදියේ ගමන් කර ඇත්තේ සුධර්මාරාමපාර, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි සහෝදරයෙන් දෙදෙනෙකු බවත් අනතුරින් මියගොස් ඇත්තේ බාල සහෝදරයා බවත් ඔහු 19 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවත් වාර්තා වනවා.
තුවාලකරු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.
මෙම අනතුරට ලක් වූ ත්‍රී රෝද රථය සහ ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.