මොරොන්තුඩුව පොලිස් වසමේ ගෝනදූව, කවටයාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (30) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.
වැඩබිමක දී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම වැඩබිමෙහි සේවය කරන පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.
පහර කෑමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ලක්ව ඇත්තේ ලුණුවිල, බන්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරොන්තුඩුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1
1





