AFC Banner
AFC Banner
Empty Ad

වැඩබලන අගවිනිසුරු ධුරයට කාන්තාවක් (වීඩියෝ)

නව වැඩබලන අගවිනිසුරුවරයෙකු පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම වැඩබලන තනතුරට අද (10) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පත් කළ බවයි.

වැඩබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අද ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කළා.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හිමිකරගෙන තිබුණා.

වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් කෙරුණා.

ඇය මොරටුව ප්‍රින්සස් ඔෆ් වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?