වැට උඩ තිබූ පාකිස්ථාන තරගාවලිය ගැන තවත් හදිසි තීරණයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය සමඟ තරග සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය පෙරේදා දිනයේ පැවැත්වුණු අතර එම තරගය පැවැත්වුණු දිනයේ තරගය පවතී ක්‍රීඩාංගනය කිලෝ මීටර් 17ක පමණ දුරකින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර එම හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තරගාවලිය අතහැර මෙරටට පැමිණිය යුතු බව කළමනාකාරිත්වය මඟින් දන්වා ඇති බවට ඊයේ (12) වාර්තා වුණා.

කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ආයතනයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවන්ගෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එරට තුළ රැඳී සිටිමින් තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යමට එකඟ වී තිබෙනවා.

එනමුත් තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබූ දිනයන් වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති අතර අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය හෙට දිනයදක්වා කකල් දැම්ම ඇති අතර අනිද්දා (15) දිනයේ පැවත්වීමට තිබූ තුන්වන එක්දින තරගය ඊට පසු දින (16) දක්වා කල් දැමීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් යම් හෙයින් ක්‍රීඩකයෙක් හෝ කාර්ය මණ්ඩලයේ අයෙක් තරගාවලිය අතහැර දමා යළිත් මෙරටට පැමිණෙන්නේනම් ඔවුන් පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සමාලෝචනයක් පවත්වා තීරණයක් ගන්නා බවයි.

මෙලෙස ක්‍රීඩකයින් තරගවාලිය අතහැර දමා පැමිණියහොත් ඒ වෙනුවට ආදේශ ක්‍රීඩකයින් මෙරටින් පාකිස්ථානය කරා යැවීමටද සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්රිකට ආයතනයේ නිවේදනයේ සඳහන් වුණා.

තවද ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත T20I තරඟාවලියේ සියලුම තරඟ සම්පූර්ණයෙන්ම රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පමණක් පැවැත්වීමට ද පාකිස්ථානය ක්‍රිකට් ආයතනය තීරණකර ඇති අතර මීට පෙර තීරණය වී තිබුණේ එම තරගාවලියේ එක් තරගයක් පමණක් රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ පැවැත්වීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
4
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34