වැට උඩ තිබූ පාකිස්ථාන තරගාවලිය ගැන තවත් හදිසි තීරණයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය සමඟ තරග සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය පෙරේදා දිනයේ පැවැත්වුණු අතර එම තරගය පැවැත්වුණු දිනයේ තරගය පවතී ක්‍රීඩාංගනය කිලෝ මීටර් 17ක පමණ දුරකින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර එම හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තරගාවලිය අතහැර මෙරටට පැමිණිය යුතු බව කළමනාකාරිත්වය මඟින් දන්වා ඇති බවට ඊයේ (12) වාර්තා වුණා.

කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ආයතනයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවන්ගෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එරට තුළ රැඳී සිටිමින් තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යමට එකඟ වී තිබෙනවා.

එනමුත් තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබූ දිනයන් වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති අතර අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය හෙට දිනයදක්වා කකල් දැම්ම ඇති අතර අනිද්දා (15) දිනයේ පැවත්වීමට තිබූ තුන්වන එක්දින තරගය ඊට පසු දින (16) දක්වා කල් දැමීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් යම් හෙයින් ක්‍රීඩකයෙක් හෝ කාර්ය මණ්ඩලයේ අයෙක් තරගාවලිය අතහැර දමා යළිත් මෙරටට පැමිණෙන්නේනම් ඔවුන් පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සමාලෝචනයක් පවත්වා තීරණයක් ගන්නා බවයි.

මෙලෙස ක්‍රීඩකයින් තරගවාලිය අතහැර දමා පැමිණියහොත් ඒ වෙනුවට ආදේශ ක්‍රීඩකයින් මෙරටින් පාකිස්ථානය කරා යැවීමටද සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්රිකට ආයතනයේ නිවේදනයේ සඳහන් වුණා.

තවද ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත T20I තරඟාවලියේ සියලුම තරඟ සම්පූර්ණයෙන්ම රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පමණක් පැවැත්වීමට ද පාකිස්ථානය ක්‍රිකට් ආයතනය තීරණකර ඇති අතර මීට පෙර තීරණය වී තිබුණේ එම තරගාවලියේ එක් තරගයක් පමණක් රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ පැවැත්වීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
4
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?