වාහන ලක්ෂ 23ක ලියාපදිංචිය තහනම් කිරීමට සැලසුම්

දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නොමැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බවයි.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් මෙරටට ගෙන්වා වරායේ හා ගුවන් තොටුපළ භාවිතයට ගෙන ඇති වාහන සහ රේස් තරග සඳහා ගෙන්වා ගෙන ඇති දහස් ගණනක වාහන ප්‍රමාණයක් පවතින බවත් ඒවා ලියාපදිංචි කිරීමකින් පසුව භාවිතයට ගැනීම අනිවාර්ය කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනෙන්නේ වාහන පනස් පන් ලක්ෂයක් පමණක් බව සඳහන්.

ඒ බව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට අවශ්‍ය දුම් සහතික ලබා ගැනීමෙන් තහවුරු වන බවයි කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

ඒ හැරුණු විට ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට දුම් සහතික අවශ්‍ය නොවන විට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, ඉඩම් වාහන මෙන්ම 1975 වසරට පෙර ලියාපදිංචි වූ වාහන ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් භාවිතයේ තිබෙන බව සඳහන්.

ඒ අනුව සමස්තයක් වශයෙන් ගතහොත් වාහන ලක්ෂ 61ක පමණ සංඛ්‍යාවක් භාවිතයේ පවතින බවට අනුමාන කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, වාහන ලක්ෂ 21කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින අතර ආදායම් බලපත්‍ර අලුත් කර වාහන පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි පළාත් සභා යටතේ පවතින පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙත කොපමණ දැනුම් දීමක් කළත් කිසිදු පළාත් සභාවක් එම තොරතුරු ලබාදී නොමැති බවයි.

පළාත් සභාවලින් තොරතුරු ඉල්ලීමේදී ඒවා තොරතුරු තාක්ෂණ නියෝජිතායතයෙන් ලබාගත යුතු බවට පවසන බවත් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයෙන් විමසීමේදී ඔවුන් තවමත් තොරතුරු ඒකරාශි කරගැනීමේ ක්‍රමවේදයක් සකස්කර නොමැති බවට පවසන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

වාහන ලක්ෂ 23කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නොමැති වීමත් අපරාධ සඳහා යතුරුපැදි ඇතුළු එවැනි වාහන යොදා ගන්නා බවට තොරතුරු හෙළි වීමත් නිසා වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන නොමැති සියලුම වාහන ලියාපදිංචියෙන් ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53