වාහන දසදහසක් පොලිසියේ හිරවෙයි

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන එම ස්ථානවල හා අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන සිටින වාහන බැඳුම්කරයක් මත මුදාහරින ලෙස එම වාහන හිමියන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

රට පුරා පිහිටි මහෙස්ත්‍රාත් අධිකරණ පනස් එකක (51) රාජසන්තක කර ඇති වාහන හා පොලිස් ස්ථාන භාර සියයකට වැඩි ප්‍රමාණයක වාහන දසදහසකට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති බව වාර්තා වේ.

යතුරු පැදි ත්‍රිරෝද රථ, කාර්, වෑන්, ලොරි, සුඛෝපභෝගි වාහන, ඉඩම් වාහන ඇතුළු වාහන වැඩිවශයෙන් පොලිස් ස්ථානවල රඳවාගෙන ඇත.

මාරක රිය අනතුරු, මංකොල්ලකෑම්වලට සම්බන්ධ වාහන, මත්ද්‍රව්‍ය පැමිණිලිවලට සම්බන්ධ ආදි නඩු භාණ්ඩවලට සම්බන්ධ නොවන වාහන බැඳුම්කරයක් මත නිදහස් කළ හැකි බව නීතිවේදීහු පවසති.

කෙසේ වෙතත් පොලිසියේ ඇතැම් නිලධාරීන් නීතිය සම්බන්ධයෙන් නොදැනුවත්කම, හිතාමතාම ප්‍රමාද කිරීම නිසා වාහන අත්අඩංගුවට ගෙන රඳවාගනිමින්, අධිකරණයට අසත්‍ය කරුණු ගොනු කිරීම නිසා මෙසේ පොලිස් ස්ථානවල වාහන ගොඩගැසී වසර ගණන් දිරාපත් වෙමින් විනාශ වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එම්.එම්.ජී.කේ. මායාදුන්නගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති නිසා කඩිනමින් එම වාහන අයිතිකරුවන්ට බැඳුම්කරයක් මත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි.

චමින්ද සේනාරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19