AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි

විදේශ විනිමය මෙරටට ගලා ඒම සිදු වන ආකාරය සලකා බැලීමෙන් වාහන ආනයන තහනම පිළිබඳ සලකා බැලිය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉදිරි කාලයේදී විදේශීය විනිමය ආදායම් අනුව තුලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස කොරෝනා එන්නත් කරණයේ යෙදෙන නිසා ඉක්මනින් සංචාරක ව්‍යාපාරය නැවතත් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් අපනයනය මූලික වූ කර්මාන්ත ද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වනු ඇති බවත් තම විශ්වාසය බව ද පැවසූ ඔහු එමගින් නැවතත් රට විදේශීය විනිමය ගලා එනු ඇතැයිද කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
378
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?