වාහනයක් ආනයනයට අවසර දෙන්න නව ක්‍රමයක්

පිටරට ඉන්න අපේ ලාංකිකයෙකු මෙරටට ඩොලර් ලක්ෂයක් එවුහොත් වාහනයක් ආනයනයට අවසර ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. එමෙන්ම ඔවුන්ට විශේෂ දිරිදීම් ප්‍රදානය කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

“අද දවස වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලි කප්පාදුව, කිරිපිටි නොමැතිකම, බෙහෙත් නැතිකම වගේ අත්‍යවශ්‍ය කාරණාවලට විසදුම් ලබාදීමට අපි එකතුවී සිටිනවා. අපි මේ ගැන මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළාම මේ ගැටලු විසදා ගැනීමට කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය දැයි විමසා සිටියා. එතුමා අපිට සඳහන් කළේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන 500ක් ලැබෙනවා නම් පෝලිම් ටික නැති කරන්න, බෙහෙත් ටික දීලා මිනිස්සු මැරෙන එක නැති කරන්න, විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙන බවයි”

“මේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මුදල් එවීමේදී, එවන ලද මුදල් ප්‍රමාණය මත තීරුබදු සහන ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේදී, අදාල සහන වැඩි කිරීමට අපි අද දිනයේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක මුදලක් ලංකාවට එවලා තියෙනවා නම් වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් ලබාදීමට අපි යෝජනා කරනවා. ඒ වගේම යම් බදු සහනයක්, ලබාදීමටත් යෝජනා කරනවා. ඒ වගේම අඩු පොලීයට නිවාස ණයක්, ලංකාවට එවූ මුදල්වලට සාපේක්ෂව ලබාදීමට අපි යෝජනා කරනවා. සහන පොලීයට ණය ලබාදීමටත් අපි යෝජනා කරනවා. ඒ වගේම ඩොලර් පනස් දහසක්වත් එවලා තියෙනවා නම් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරිමේදී ලකුණු ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14