වාර විභාග, විෂය නිර්දේශවලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සාහ කරන්න – අගමැති හරිනි (වීඩියෝ)

ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සකච්ඡාවක් නුවරඑළියේ දී ඊයේ (13) පැවැත් වුණා.

නුවරඑළිය සිනෙසිටා නගර ශාලවේදී පැවති මෙම සාකච්ඡාවට නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

දිවයිනේ සියලු පාසල් දෙසැම්බර් 16 වන දින යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ ද, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පැසල් පැවැත්වීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට අදාළ පළාත් දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා ලබාගැනීම අනිවාර්ය
බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු අතර, පාසල් යාම දරුවන්ට බරක් නොවිය යුතු බවත්, ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇදුමක් පැළදීමේ අවස්ථාව ඇති බවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

වාර විභාග, විෂය නිර්දේශවලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සාහ කරන ලෙසත්, ආපදාවලින් ආතතියට පත් ළමුන් එයින් මුදවාගැනීමට නම්‍යශිලිව අවශ්‍ය කටයුතු යොදන ලෙස මෙහිදී ඇය උපදෙස් ලබා දුන්නා.

කුමන බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදුකරන බව මේවන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51% අවසන් බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කර සිටියා.

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පසුව රට පැවති තත්ත්වයට නොව ඊට වඩා ඉදිරියට ගෙනයාමට සියලු දෙනා කැපවීමෙන් වැඩ කළයුතු බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?